Articles

Minister

සබරගමු පළාතේ සමාජ සුබසාධනය ඉහළ නංවමින් පරිවාස හා ළමා රක්ෂක සේවා කටයුතු දියුණු කරමින් මහින්ද චින්තනයේ ඉදිරි දැක්මේ සඳහන් පරිදි කටයුතු කිරීම අපගේ මෙහෙවර වේ.

         මාගේ දැක්ම වනුයේ විශේෂ අවශ්‍යතා ඇති පුද්ගලයන් සවිබල ගැන්වීම, අසරණ, අත්හල හා නොමග ගිය දරුවන් පුනරුත්ථාපනය කරමින් ඔවුන්ට පහසුකම් සැපයීම ග්‍රාමීය ජනතාවගේ ආර්ථීක, සමාජයීය, සංස්කෘතික හා අධ්‍යාත්මික සංවර්ධනය සඳහා ශක්තිය ලබා දීම කුඩා හා මධ්‍යම පරිමාණ ස්වයං රැකියාවල නියුතු කර්මාන්තකරුවන් දිරිමත් කිරීමය.

       සමාජ සේවා, පරිවාස හා ළමා රක්ෂක සේවා දෙපාර්තමේන්තුව, කර්මාන්ත සංවර්ධන දෙපාර්තමේන්තුව හා ග්‍රාම සංවර්ධන දෙපාර්තමේන්තුව අප අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වේ.

        සමාජ සේවා අංශය යටතේ වැඩිහිටි නිවාස 20 ක් හා ආබාධිත නිවාස 12 ක් සඳහා පහසුකම් සපයනු ලබයි. වැඩිහිටි බලමණ්ඩල සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයකම ක්‍රියාත්මක වන අතර දිස්ත්‍රික් හා පළාත් වැඩිහිටි බලමණ්ඩල පිහිටුවා ඇත.

       පරිවාස හා ළමා රක්ෂක සේවා අංශය මගින් පරිවාස කාර්යාල 8 ක් පවත්වාගෙන යමින් ස්වේච්ඡා ළමා නිවාස 4 ක් නඩත්තු කරයි. තවද රජයේ භාරගැනීමේ ළමා නිවාස හා පිරිමි හා කාන්තා රැඳවුම් නිවාස 2 ක් පාලනය වේ.

       කර්මාන්ත සංවර්ධන දෙපාර්තමේන්තුව වඩු පාසල් 10 ක, පේෂ කර්මාන්ත 64 ක, අලෙවිසැල් 10 ක, බහු තාක්ෂණ මධ්‍යස්ථාන 01 ක හා ලුහු ඉංජිනේරු ආයතන 3 ක කළමනාකරණය සිදුකරයි. කර්මාන්ත සංවර්ධන අධිකාරිය යටතේ ක්‍රියාත්මක පෙරනිමි කොන්ක්‍රීට් අංගනයෙන් පළාතේ හා රටේ අවශ්‍යතාවය වෙනුවෙන් පෙරනිමි නිෂ්පාදනය කරයි.

     දුෂ්කර ග්‍රාමීය ප්‍රදේශ වල යටිතල පහසුකම් සංවර්ධනය කිරීම ග්‍රාම සංවර්ධන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යයයි. ඊට අමතරව මැහුම්, ජංගම දුරකථන, ගෘහවිදුලි පරිපථ පාඨමාලා පාසල් හැරගිය දරුවන්ට ලබා දී ඔවුන් සවිබල ගන්වයි.

       අප අමාත්‍යංශයේ නව වෙබ් අඩවිය විවෘත කිරීමත් සමඟ ශ්‍රී ලාංකීය ප්‍රජාවට තොරතුරු තාක්ෂණය හරහා වඩාත් ඵලදායී සේවාවක් ලබා දෙනු ඇත.සමාජයට මනා පිටුවහලක් මින් ලැබෙනු ඇතැයි මා විශ්වාස කරමි. 

          

රංජිත් බණ්ඩාර
සමාජ සුබසාධන, පරිවාස හා ළමාරක්ෂක,
ග්‍රාම සංවර්ධන සහ ග්‍රාමීය කර්මාන්ත අමාත්‍ය,
සබරගමුව පළාත් සභාව.
නවනගරය,
රත්නපුර.
Share
aramudalata
prathichara
ketapath pavura