Articles

         සබරගමුව පළාත් සභාවේ සමාජ සුබසාධන, පරිවාස හා ළමා රක්ෂක, ග්‍රාම සංවර්ධන හා ග්‍රාමීය කර්මාන්ත අමාත්‍යංශයෙන් රත්නපුර හා කෑගල්ල දිස්ත්‍රික්ක දෙකෙහි ආර්ථික හා සමාජ සංවර්ධනය උදෙසා සුවිශාල මෙහෙයක් ඉටු කෙරේ.

          අමාත්‍යංශය, සමාජසේවා පරිවාස හා ළමාරක්ෂක දෙපාර්තමේන්තුව සහ කර්මාන්ත සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් මෙම කාර්යභාරයන් ඉටු කෙරේ.

     සමාජසේවා අංශය මගින් සබරගමුව පළාත තුළ සිටින අසරණ බවට පත් වූ වැඩිහිටියන්ට සරණ වීම, රෝද පුටු, අත්වාරු ලබාදීම, ශ්‍රවණාබාධිතයන් සඳහා ශ්‍රවණ උපකරණ සැපයීම, ඇස් කණ්ණාඩි හා අක්ෂි කාච ලබා දීමත් සිදු කෙරේ. වෛද්‍ය ආධාර, අනියම් සහනාධාර ලබාදීම හා ආපදා කළමනාකරණය සඳහා මූලික අවධානය යොමු කෙරෙන අතර සාර්ථක උපදේශන සේවයක්ද පවත්වාගෙන යනු ලැබේ.

      පරිවාස හා ළමාරක්ෂණය යටතේ දෙමාපිය රැකවරණය අහිමි වූ දූ දරුවන් සඳහා රැකවරණය ලබා දෙමින් ඔවුන්ගේ සෞඛ්‍ය හා පෝෂණය, අධ්‍යාපනික සංවර්ධනය, මානසික සංවර්ධනය හා සංස්කෘතික සංවර්ධනය කෙරෙහි පූර්ණ අවධානය යොමු කෙරේ.

        කර්මාන්ත සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් සාම්ප්‍රදායික කර්මාන්ත, කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්ත සහ හස්ත කර්මාන්ත අංශයන් සංවර්ධනය කරමින් ග්‍රාමීය කර්මාන්තකරුවන්ගේ ජීවන තත්වය උසස් කිරීමට ඔවුන්ට මූල්‍ය හා ද්‍රව්‍ය ආධාර සැපයීම, නිශ්පාදන අලෙවිය සඳහා වෙළඳපොළ සපයාදීම හා පුහුණු වැඩසටහන් පවත්වාගෙන යමින් ග්‍රාමීය තරුණයන්ට රැකියා අවස්ථා උදා කරදීම සිදුවේ. ජංගම දුරකථන අළුත්වැඩියාව වැනි නවීන රැකියා අංශ කෙරෙහිද අවධානය යොමු කෙරේ.

       ග්‍රාම සංවර්ධන අංශය හරහා ග්‍රාම සංවර්ධන සමිති ව්‍යාප්ත කරමින් ග්‍රාමීය ජනතාව අතරින් නායකයින් බිහි කිරීම, ස්වශක්තියෙන් නැගී සිටින නිර්මාණශීලී පිරිසක් බිහිකිරීම සඳහා අතහිත දෙනු ලැබේ. ග්‍රාමීය ප්‍රදේශවල යටිතල පහසුකම් සංවර්ධනය කරමින් විවිධ නිශ්පාදන කර්මාන්ත දිරිගැන්වීම හා ග්‍රාමීය කාන්තාවන් සඳහා ග්‍රාමසංවර්ධන මැහුම් මධ්‍යස්ථාන පවත්වාගෙන යාම සිදු කෙරේ.

         අමාත්‍යංශය හා දෙපාර්තමේන්තුවල තොරතුරු හා සේවාවන් පිළිබඳ විස්තර සැපයීම, තොරතුරු යාවත්කාලීන කිරීම මෙම වෙබ් අඩවිය මගින් බලාපොරොත්තු වේ.

 

ඩී.එම්. මාලනී
ලේකම්,
සමාජ සුබසාධන, පරිවාස හා ළමාරක්ෂක,
ග්‍රාම සංවර්ධන සහ ග්‍රාමීය කර්මාන්ත අමාත්‍යංශය,
සබරගමුව පළාත් සභාව,
නවනගරය,
රත්නපුර.
Share
aramudalata
prathichara
ketapath pavura